ඊයේ (02) මහියංගනය පොලිස් වසමේ රන්දොලියගල ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහියංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු‍ 20,27,28 හා 29 වයස්වල පසුවනතෙල්දෙනිය, රජවැල්ල හා මිනිපේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version