Browsing: ලංකා ව්‍යාපාර

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රකිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘අඛණ්ඩතා සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්’ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.

ජාතික සුපිළිපන් සතිය නිමිත්තෙන් වෙළඳපොළේ අලෙවි වන පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරේ.

බෞද්ධ සිද්ධස්ථාන සහ පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කොළඹදී රැස්වූ මහා සංඝරත්නය රජයට විශේෂ සංඝ ප්‍රතිඥාවක් ඉදිරිපත් කර තිබේ.

කඩුවෙල සංඝබෝධි රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් අද රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

රජයේ ආයතනවල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ජූලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතියක් ක්‍රියාත්මක කෙරේ.

දෙහිවල ප්‍රදේශයේ සුසාන භූමියක් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ චීන ජාතිකයා චීන මාෆියා කල්ලියක සාමාජිකයෙකු බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.