බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.

යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇතිවූ ආරවුලක් සංසිදවීම සදහා බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කළේ අද වැනි පොහොය දිනකය.

සිරසා නමාමි පොහෝදින වැඩසටහන අද පැවැත්වෙන්නේ ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී ය.

මේ අතර දුරුතු පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් , කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට ශ්‍රී ශාක්‍ය මාලකය අභියස බුද්ධ පූජා පිංකමද අද දහවල් පැවැත්වේ. 

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version