දික්ඕවිට වරායට රැගෙන ආ මෙරට බහුදින යාත්‍රාවේ උර 11ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදාව භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් 05 දෙනෙකු සමග ඉදිරි විමර්ශන කටයුතු සදහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවේ අද උදෑසනයි.
මෙම යාත්‍රාව ගන්දර ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති බව ද අනාවරණය වනවා.
යාත්‍රාවේ තිබී හමුවූ මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර