රටක සංවර්ධනය උදෙසා ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව අතිශය වැදගත් සාධකයකි. වත්මන් රජය විසින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල හිඟය පියවීම සඳහා නව බඳවා ගැනීම් රැසක් සිදු කර ඇත. ඒ අනුව පසුගිය කාලසීමාව තුළ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් දහස් ගණනක් සේවයට අනුයුක්ත කර ඇති අතර, විකිරණ ශිල්පීන් සහ රසායනාගාර සහායකයින් ඇතුළු කාර්ය මණ්ඩල පුරප්පාඩු ද පිරවීමට පියවර ගෙන තිබේ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ සත්කාර ඒකක 1,700ක භෞතික සම්පත් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 3,600ක් වෙන් කර ඇත. මීට අමතරව, ඉදිරි වසර තුන තුළ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, දැනටමත් ඉන් 42ක් ක්‍රියාත්මක වේ.
රෝහල් පද්ධතියේ තාක්ෂණික පහසුකම් නංවාලීම සඳහා රජය විශාල ආයෝජනයක් සිදු කර තිබේ. පිළිකා රෝග විනිශ්චය සඳහා අවශ්‍ය නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 23ක් සහ මැමෝග්‍රැෆි යන්ත්‍ර 5ක් ප්‍රධාන රෝහල් වෙත ලබා දීමට කටයුතු යොදා ඇත. එමෙන්ම හෘද රෝග ප්‍රතිකාර සඳහා අතිනවීන කැතීටකරණ යන්ත්‍ර 16ක් රෝහල් පද්ධතියට එක් කිරීම මගින් රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අවම කිරීමට අපේක්ෂා කෙරේ.
රජයේ රෝහල්වල යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සහ නඩත්තුව සඳහා පමණක් රුපියල් කෝටි 2,190ක මුදලක් වෙන් කර තිබීම සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් රජය දක්වන ප්‍රමුඛතාව පෙන්නුම් කරයි. මෙම වැඩපිළිවෙළ හරහා රෝගීන්ට වඩා කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර