Browsing: ශ්‍රී ලංකාව

කොළඹ දිස්ත්‍රික්කයේ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුවම ආර්ථික වර්ධනය හෝ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරයක් ඉටු නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ලොව පුරා රැකියා ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධි තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ රැකියා අවස්ථා සම්බන්ධයෙන් මතුව ඇති නවතම තත්ත්වය පිළිබඳ විමසුමක්.

දැඩි ගිම්හාන උණුසුම හමුවේ ටෝකියෝ කාර්යාලවල සේවකයින්ට කොට කලිසම් ඇඳීමට අවසර ලබා දීමත් සමඟ සමාජය තුළ නව කතිකාවතක් නිර්මාණය වී තිබේ.

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ප්‍රසිද්ධ ළමා රෝහලක සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙකු ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නැවත වර්ගීකරණය කර ඇතත්, මෙම තත්ත්වය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව විද්වත්හු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙවන ප්‍රාදේශීය සේවාව ලෙස දශක හතරකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන රුහුණු සේවය පිළිබඳ කෙටි විමසුමක්.

වයස අවුරුදු 20ත් 29ත් අතර කාන්තාවන් අතර දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බව නවතම සෞඛ්‍ය අධ්‍යයනයකින් අනාවරණය වේ.

අනවසර ඉදිකිරීම් හේතුවෙන් උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයට සිදුවන හානිය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.