ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට ඊයේ (4) අවස්ථාව උදාවුණා.

‘අළු බඳුන’ තරගාවලියේ බ්‍රිස්බේන්හිදී ආරම්භ වූ දෙවන තරගයේදීයි ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකර ගියේ.

ස්ටාක් මෙම තරගයේ මේ වනවිට කඩුලු 4ක් බිඳහෙළා ඇති අතර, ඒ සමග ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 416ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහුට ලොව මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්ව සිටි පාකිස්තානයේ වසීම් අක්‍රම් (කඩුලු 414) අභිබවා යෑමට සමත්වුණා.

මෙම වාර්තාවේ තෙවන ස්ථානයේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස් (355), සිව්වන ස්ථානයේ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් (317) හා පස්වන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් (313) පසුවෙනවා.

ටෙස්ට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වමත් වේග පන්දු යවන්නා බවට පත්වීම ගැන වසීම් අක්‍රම්ද, සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ස්ටාර්ක්ට සුබ පතා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version