පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මගී ජනතාවට නොවැම්බර් මස අවසන් වන වාර ප්‍රවේශපත්‍ර මගින් දෙසැම්බර් මස 07වන දින දක්වා ගමන් කිරීමේ පහසුකම් ලබා දීමට  දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

දෙසැම්බර් මාසයට අදාළ සියලුම වාර ප්‍රවේශපත්‍ර දෙසැම්බර් 14වන දින දක්වා නිකුත් කිරීම දීර්ඝ කර තිබේ.

එමෙන්ම පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය පමණක් දෙසැම්බර් මස 19දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය ‍දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version