2026 පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ සියලු නවීකරණ කටයුතු ජනවාරි 20 වැනිදා වන විට අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද පවසනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් SSC ක්‍රීඩාංගණයේ අලුතින් අති නවීන LED විදුලි අලෝක පද්ධතියක් සවි කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි සඳහන් වෙන්නේ.

ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතියට අදාළව, ක්‍රීඩක විවේකාගාරය වැඩිදියුණු කිරීම, තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන් වෙනුවෙන් නව කාමර ඉදිකිරීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදු කෙරෙනවා.

මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 1.7 ක මුදලක් වැය කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version