Home Lands සමූහය විසින් කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් දියත් කරන ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් එළිදැක්විණි. මෙය ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් සංවර්ධකයෙකු විසින් මෙරට සිදුකරන විශාලතම ආයෝජනය ලෙස සැලකේ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනයක් සිදුකර ඇති අතර, එය ඉන්දීය සාගරයේ නවතම ආශ්චර්යය ලෙස සමාගම විසින් හඳුන්වා දී ඇත. ව්‍යාපෘතියේ දියත් කිරීම වෙනුවෙන් ‘The Grand Launch Weekend’ නමින් විශේෂ උත්සව මාලාවක් කොළඹදී පැවැත්විණි.
සිකුරාදා ආරම්භ වූ මෙම උත්සව මාලාව ඉරිදා දිනය දක්වා පැවති අතර, එහිදී ආයෝජකයින්ට සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට අවස්ථාව උදාවිය.
මේ වන විටත් මෙම ව්‍යාපෘතියේ සමස්ත නිවාස ඒකකවලින් 50%ක්ම අලෙවි වී අවසන් බව Home Lands සමූහය පවසයි. මෙම ව්‍යාපෘතිය මගින් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ නව ප්රමිතීන් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර