ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන සඳහා පවතින ඉල්ලුම සපුරාලමින්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි අනුබද්ධ ආයතනයක් වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් සිය නවතම JAECOO J5 HEV ප්‍රිමියම් හයිබ්‍රිඩ් SUV රථය වෙළෙඳපොළට නිකුත් කර ඇත.
මෙම රථය 1.5L Turbo GDI එන්ජිමකින් සහ දියුණු විදුලි මෝටරයකින් සමන්විත වන අතර, අශ්ව බල 221ක උපරිම බලයක් ලබා දෙයි. එමගින් තත්පර 7.9ක් වැනි කෙටි කාලයකදී පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයක් ලබා ගැනීමේ හැකියාව පවතී.
ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ද කැපී පෙනෙන මෙම රථය, ලීටරයකට කිලෝමීටර 18.9ක දුරක් ධාවනය කළ හැකි අතර, සම්පූර්ණ ඉන්ධන ටැංකියකින් කිලෝමීටර 950කට අධික දුරක් ගමන් කිරීමේ හැකියාව පවතී.
ආරක්ෂාව සහ සුවපහසුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇති මෙම රථය සඳහා වසර 7ක වගකීමක් සහ බැටරිය සඳහා වසර 8ක වගකීමක් ලබා දීමට සමාගම කටයුතු කර ඇත. දිවයින පුරා විහිදුණු හේලීස් මොබිලිටි සේවා ජාලය හරහා අලෙවියෙන් පසු සේවාවන් ලබා ගත හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර