ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ‘ඇට්ලස් ඒන්ජල් – II – 2026’ ද්විපාර්ශ්වික ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය අගෝස්තු 31 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
දින පහක් පුරා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ඇමරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය (MTNG) එක්ව සිටී. මෙයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය ද සම්බන්ධ වී ඇති අතර, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශ ගුවන් හමුදාවේ නිරීක්ෂකයන් ද ඊට සහභාගී වේ.
මෙම අභ්‍යාසය සඳහා විදේශීය සහභාගිවන්නන් 71 දෙනෙකු ඇතුළුව මුළු පුද්ගලයින් 347 දෙනෙකු එක්ව සිටිති. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ආපදා කළමනාකරණය, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් (SAR) සහ මානුෂීය ආධාර සැපයීමේ හැකියාවන් වර්ධනය කර ගැනීමයි.
ගුවන් යානා නඩත්තුව, ආපදා කළමනාකරණ පද්ධති, රසායනික හා විකිරණශීලී හදිසි අවස්ථා, නායයෑම් සහ වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු ක්ෂේත්‍ර අටක් ආවරණය වන පරිදි විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක වේ. මෙම පුහුණුවීම් සඳහා බෙල් 412 සහ බී-212 වර්ගයේ හෙලිකොප්ටර් යානා ද යොදා ගැනීමට නියමිතය.
කටුනායක ගුවන් හමුදා කඳවුරට අමතරව දිගන පිහිටි ගුවන් හමුදා කඳවුරේදී ද අභ්‍යාසයේ තෝරාගත් කොටස් පැවැත්වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නියෝජිතයන් ද මෙම පුහුණු සැසි සඳහා සිය දායකත්වය ලබා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර