ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් ලයනල් මෙසී සමුගැනීමට ගත් තීරණයත් සමඟ, මීට වසර කිහිපයකට පෙර ඔහු එවැනිම තීරණයක් ගත් අවස්ථාවේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දැක්වූ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ යළිත් කරළියට පැමිණ ඇත.
2016 වසරේ පැවති කෝපා ඇමරිකා අවසන් මහා තරගයේදී චිලී කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව, මෙසී සිය ජාත්‍යන්තර පාපන්දු දිවියෙන් සමුගන්නා බව නිවේදනය කළේය. එම තරගයේදී තීරණාත්මක දඬුවම් පහරක් මඟහැරීමෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටි 29 හැවිරිදි මෙසී පිළිබඳව රොනාල්ඩෝ එකල අනුකම්පාව පළ කර තිබුණි.
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රොනාල්ඩෝ පවසා සිටියේ, මෙසීගේ එම තීරණය ජනතාව තේරුම් ගත යුතු බවයි. පරාජයන්ට හුරු නොවූ මෙසී වැනි ක්‍රීඩකයෙකුට මෙවැනි බලාපොරොත්තු කඩවීම් වේදනාකාරී බවත්, දඬුවම් පහරක් මඟහැරීමෙන් පමණක් කිසිවෙකු නරක ක්‍රීඩකයෙකු නොවන බවත් ඔහු අවධාරණය කළේය.
තවද, මෙසී කඳුළු සලමින් සිටිනු දැකීම තමන්ට වේදනාකාරී බවත්, ඔහු යළිත් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරනු දැකීමට තමන් අපේක්ෂා කරන බවත් රොනාල්ඩෝ එදා ප්‍රකාශ කර තිබුණි. රොනාල්ඩෝගේ එම ප්‍රකාශය එදා බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර, එය අදටත් පාපන්දු ලෝලීන් අතර බෙහෙවින් කතාබහට ලක්වෙමින් පවතී.
පසුව ජාත්‍යන්තර පාපන්දු පිටියට නැවත පැමිණි මෙසී, 2022 FIFA ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන ශූරතා රැසක් දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, වර්තමානයේ මෙසීගේ ජාත්‍යන්තර අනාගතය පිළිබඳව යළිත් විවිධ මත පළ වෙමින් පවතින පසුබිමක, රොනාල්ඩෝගේ එම පැරණි ප්‍රකාශය නැවතත් කරළියට පැමිණ තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර