චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අතර විශේෂ හමුවක් කිර්ගිස්ථානයේ බිෂ්කෙක් අගනුවරදී සිදුවිය. ඒ 2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සහභාගි වීම සඳහා දෙරටේම රාජ්‍ය නායකයින් එහි පැමිණ සිටි අවස්ථාවකදීය.
මෙම හමුවේදී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය මැයි මාසයේ රුසියානු ජනාධිපතිවරයා සිදුකළ චීන රාජ්‍ය සංචාරයේදී එළඹි එකඟතාවන්ට අනුව දෙරට අතර සහයෝගිතාවන් මේ වන විට සාර්ථකව වර්ධනය වෙමින් පවතින බවයි. ලෝකය සංකීර්ණ විපර්යාසයන්ට ලක්වෙමින් පැවතියද, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ පවතින අභිලාෂයන් වෙනස් වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසා සිටියේ, ජාත්‍යන්තර තත්ත්වයන් හමුවේ චීනය සහ රුසියාව අතර පවතින උපායමාර්ගික සහයෝගිතාව ලෝකයට ආදර්ශයක් වී ඇති බවයි. වෙළඳ, බලශක්ති, කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට රුසියාව අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර වේදිකාවන්හිදී චීනය සමඟ පවතින සම්බන්ධීකරණය අඛණ්ඩව ශක්තිමත් කිරීමට රුසියාව කැපවී සිටින බවද ජනාධිපති පුටින් අවධාරණය කළේය. කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳවද නායක දෙපළ මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර