මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් නව සුවතා මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
මෙම වැඩපිළිවෙළ යටතේ එක් සුවතා මධ්‍යස්ථානයක් මඟින් පවුල් 5,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ. මෙහිදී ජනතාවගේ රෝග පරීක්ෂා කිරීම් සිදු කර, ඔවුන් සඳහා ඩිජිටල් දත්ත සහිත විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද පියවර ගැනේ.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව කරුණු අනාවරණය විය. රෝග වැළඳී ප්‍රතිකාර ලබා ගැනීමට වඩා රෝග ඇති වීම වළක්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව පැවසීය.
මීට අමතරව, පොල්ගොල්ල වත්ත සහ කිරින්ද ප්‍රදේශවල දැනටමත් ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ඇතැම් මධ්‍යස්ථාන ප්‍රාදේශීය රෝහල් සමඟ සම්බන්ධ කිරීමටත් සැලසුම් කර ඇත. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර