ඉරානයට එරෙහිව දියත් කර ඇති ඇමෙරිකානු හමුදා මෙහෙයුම් අපේක්ෂා කළ කාලසීමාව ඉක්මවා ගොස් ඇති අතර, ඇමෙරිකානු හමුදා 2027 වසර දක්වා මැද පෙරදිග කලාපයේ රඳවා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් මෙම මෙහෙයුම් කාලය දීර්ඝ කිරීමේ නියෝග නිකුත් කර තිබේ.
දැනට මැද පෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා සාමාජිකයන් 50,000කට ආසන්න පිරිසක් සහ යුද නෞකා 19ක් ස්ථානගත කර ඇත. මීට අමතරව ප්‍රහාරක ගුවන් යානා බලඝණ සහ ගුවන් ආරක්ෂක ඒකක ද එම කලාපයේ මෙහෙයුම්වල නිරතව සිටී. ඇතැම් හමුදා ඒකකවල මෙහෙයුම් කාලය මාස 12ක් දක්වා දීර්ඝ කර ඇති අතර, ඇතැම් ඒකක දැනටමත් වසරකට වැඩි කාලයක් කලාපයේ සේවය කරමින් සිටී.
ඉරානයට එරෙහිව දැඩි ආර්ථික පීඩනයක් එල්ල කිරීම සහ අවශ්‍ය වුවහොත් තවදුරටත් ප්‍රහාර දියත් කිරීම ඇතුළු විකල්ප කිහිපයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය විසින් සලකා බලමින් සිටී. හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවට මේ වන විට විශාල පාලනයක් ඇති බවත්, ඉරාන ආර්ථිකය කඩා වැටෙමින් පවතින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙම දීර්ඝ කාලීන හමුදා මෙහෙයුම් හේතුවෙන් ඇමෙරිකානු හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව ඕනෑම අවස්ථාවක ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව සූදානමින් සිටින බවත්, තීරණ ගැනීමේදී මැතිවරණ ප්‍රතිඵල සලකා නොබලන බවත් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර