ප්‍රාදේශීය මට්ටමින් ආර්ථිකය සවිබල ගැන්වීම සහ සංවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ‘REVIVE’ (Regional Empowerment through Vibrant, Inclusive and Viable Economic) ව්‍යාපෘතිය සඳහා අදාළ උපදේශක සේවාවන් ලබා ගැනීමට පියවර ගෙන ඇත.
මෙම ව්‍යාපෘතියේ කටයුතු සඳහා සුදුසුකම් ලත් උපදේශක ආයතනවලින් අභිප්‍රාය ප්‍රකාශන (REOI) කැඳවීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රාදේශීය ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන් (IRDP) යටතේ ආර්ථික ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සහ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අපේක්ෂා කෙරේ.
අදාළ උපදේශක සේවාවන් සඳහා උනන්දුවක් දක්වන ආයතන වෙත සිය අභිප්‍රාය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ලේඛන අදාළ අමාත්‍යාංශය හරහා ලබා ගත හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර