පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවය කළ නිලධාරී නිලධාරිනියන් තිහකට ආසන්න පිරිසක් මෑත භාගයේදී එම සේවයෙන් ඉවත්ව ගොස් තිබේ. පාලන, සැපයුම්, මූල්‍ය සහ හැන්සාඩ් ඇතුළු අංශ කිහිපයකම නිලධාරීන් මෙලෙස ඉවත්ව ගිය පිරිස අතර සිටින බව වාර්තා වේ.
ඉවත්ව ගිය පිරිසෙන් බහුතරය උපාධිධාරීන් වන අතර, ඔවුන් වැඩි වශයෙන් පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමුව ඇති බව සඳහන් වේ. මෙතරම් කෙටි කාලයක් තුළ විශාල පිරිසක් පාර්ලිමේන්තු සේවයෙන් ඉවත්ව ගිය පළමු අවස්ථාව මෙය බවද ආරංචි මාර්ග පවසයි.
සේවකයන් මෙලෙස ඉවත්ව යෑමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන්ට හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව (Leave encashment) ඇතුළු වරප්‍රසාද සහ දීමනා අහිමි වීම බලපා ඇති බව පැවසේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මෙම දීමනා නතර කර ඇති බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු සේවකයන් රඳවා තබා ගැනීම සඳහා මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවටද චෝදනා එල්ල වේ. පසුගිය සතියේදීද තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සිය සේවයෙන් ඉවත්ව ගොස් තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර