ශ්‍රී ලංකා පොලිසිය සිය 160 වැනි සංවත්සරය පසුගිය සැප්තැම්බර් 03 වැනිදා අභිමානවත් ලෙස සමරනු ලැබීය. කෙසේ වෙතත්, මෙම සැමරුම සිදුකරනු ලබන්නේ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව සහ එහි ගුණාත්මකභාවය පිළිබඳව මහජනතාව තුළ පවතින දැඩි සැකසංකා මධ්‍යයේය.
පොලිස් සේවය යනු නීතිය හා සාමය ආරක්ෂා කරමින් මහජනතාවට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම පැවරී ඇති සිවිල් බලකායකි. එහෙත්, මෑත කාලීනව සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වාර්තා වූ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ අවිචාරවත් හැසිරීම් සහ නීතිය ඉක්මවා කටයුතු කිරීමේ සිදුවීම් හේතුවෙන් සමස්ත පොලිස් සේවයටම අපකීර්තියක් අත්වී තිබේ.
රථවාහන රාජකාරිවලදී සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඇතැම් නිලධාරීන් කටයුතු කරන ආකාරය ජනතා අප්‍රසාදයට ලක්ව ඇත. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු සතු විය යුතු විනය සහ ගෞරවය පසෙකලා ඇතැම්හු අමානුෂික ලෙස හැසිරීම නිසා පොලිසිය කෙරෙහි තිබූ ජනතා විශ්වාසය බිඳ වැටී තිබේ.
පොලිස්පතිවරයා සහ රජය පොලිස් සේවය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළද, එය හුදෙක් නිල ඇඳුම වෙනස් කිරීමෙන් හෝ මතුපිටින් පිරිසිදු කිරීමෙන් පමණක් කළ නොහැකි බව පැහැදිලිය. පොලිස් සේවය තුළ සිටින අවංක සහ කැපවූ නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කරමින්, ජනතා හිතවාදී සේවාවක් ගොඩනැගීම වත්මන් පොලිස් පරිපාලනය හමුවේ ඇති අභියෝගයකි.
පොලිසිය යනු ජනතාවට බියකින් තොරව පිහිට පැතිය හැකි ආයතනයක් විය යුතුය. එහෙත් අද වන විට බොහෝ දෙනා පොලිසියට යන්නේ බියක් සහ චකිතයක් සහිතවය. මෙම තත්ත්වය වෙනස් කරමින් පොලිසිය සැබෑ ලෙසම ජනතා මිත්‍රශීලී සේවාවක් බවට පත් කිරීමේ කාලීන අවශ්‍යතාවය මේ වන විට මතුව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර