ඊජිප්තුවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වන සාරා කලීෆා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණයක් පියවර ගෙන ඇත. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
අධිකරණ වාර්තාවලට අනුව, මෙම පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන අපරාධ කල්ලියක සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බව හෙළි වී ඇත. නඩු විභාගයේදී කිලෝග්‍රෑම් 750කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
39 හැවිරිදි සාරා කලීෆා, අපරාධ විමර්ශන සම්බන්ධයෙන් විකාශය වූ “මිෂන් ඉම්පොසිබල්” නම් රූපවාහිනී වැඩසටහන හරහා ජනප්‍රියත්වයට පත් වූ තැනැත්තියකි. තමන්ට එල්ල වී ඇති චෝදනා ඇය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, මත්ද්‍රව්‍ය විරෝධී නිලධාරීන් සමඟ ඡායාරූපවලට පෙනී සිටි අවස්ථාවේදී හැර තමන් කිසිදු මත්ද්‍රව්‍යයක් දැක නොමැති බව ඇය අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.
මෙම තීන්දුව තහවුරු කිරීමට පෙර ඊජිප්තුවේ මහා මුෆ්ටිවරයාගේ ආගමික මතය ලබා ගැනීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට නීතිමය අවස්ථාව පවතී. මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 20 දෙනෙකුගේ ප්‍රකාශ සහ විද්‍යුත් සාක්ෂි ලෙස වීඩියෝ දර්ශන හා සංවාද අධිකරණයට ඉදිරිපත් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර