ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කෙරිණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නවීකරණයට ලක්වන දෙවන දුම්රිය ස්ථානය මෙය වේ. මීට පෙර කදුරුවෙල දුම්රිය ස්ථානය නවීකරණය කර ජනතා අයිතියට පත් කර ඇත.
පසුගිය වසර 45ක කාලය තුළ කිසිදු සංවර්ධනයක් සිදු නොවූ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය, මගී ප්‍රවාහනයට අමතරව කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය සඳහා ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම නවීකරණ කටයුතු සඳහා සී.අයි.සී. හෝල්ඩින්ග්ස් පී.එල්.සී. ආයතනය විසින් රුපියල් මිලියන 40ක මූල්‍ය දායකත්වයක් ලබා දෙනු ලැබේ.
රජයේ නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව, පොදු ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණයි. දිගුකාලීන සංවර්ධන ඉලක්ක කරා යමින්, ලෝකයේ දියුණු රටවල පවතින ආකාරයේ බහුමාධ්‍ය ප්‍රවාහන පද්ධතියක් (Multimodal Transport System) මෙරට තුළ ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර