ඉන්දුනීසියාවේ අනාක් ක්රකටෝ ගිනිකන්ද සක්‍රීය වීම හේතුවෙන් ගුවනට මුදා හැරුණු අළු සහ දුමාරය නිසා වසා දමා තිබූ ප්‍රධාන ගුවන් තොටුපළවල් යළි විවෘත කිරීමට එරට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පසුගිය සෙනසුරාදා සිදු වූ මෙම ගිනිකඳු පිපිරීමත් සමඟ ජකර්තා අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල ගුවන් තොටුපළ අටක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළේය. මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 3,000කට අධික සංඛ්‍යාවක් අවලංගු වූ අතර, මගීන් 340,000කට වැඩි පිරිසක් අතරමං වී සිටියහ.
කෙසේ වෙතත්, ගුවන් ආරක්ෂාව තහවුරු වීමත් සමඟ අද අලුයම සිට සොකර්නෝ-හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ගුවන් මධ්‍යස්ථාන පහක් යළි මෙහෙයුම් ආරම්භ කර ඇත. හලීම් පර්දනකුසුමා සහ හුසේන් ශාස්ත්රනේගරා ගුවන් තොටුපළවල් ද ඒ අතර වේ.
මේ වන විට ගුවන් තොටුපළවල රැඳී සිටි මගීන් තම ගමනාන්ත වෙත යොමු කිරීමේ කටයුතු ගුවන් සමාගම් විසින් ආරම්භ කර තිබේ. දින ගණනාවක් පැවති අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ මගීන් විශාල පිරිසක් ගුවන් යානා වෙත යොමු වීමට දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර