ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසන්නේ 2027 වසරේ කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් නව සැලසුම් මාලාවක් සකස් කරමින් පවතින බවයි.
ගම්පහ දිස්ත්‍රික් ළමා හා කාන්තා කටයුතු අනු කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී, දිස්ත්‍රික්කයේ පවතින සම්පත් උපරිමයෙන් භාවිත කරමින් කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.
එමෙන්ම, දිස්ත්‍රික්කයේ පවතින ක්ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව අවම මට්ටමක පැවතියද, පවතින හිඟය කඩිනමින් සපුරාලීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර