මුලතිව් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලා ගබඩා කර තිබූ මසුන් තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයට අයත් එස්.එල්.එන්.එස්. ගෝඨාභය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
පුදුමාතලන් වෙරළ තීරයේ පිහිටි සැකකටයුතු මත්ස්‍ය ගබඩා මධ්‍යස්ථානයක් පරීක්ෂා කිරීමේදී මෙම මසුන් තොගය සොයාගෙන ඇත. එහි තිබී පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලා ඇති බවට සැකකෙරෙන මසුන් කිලෝ 3200කට වැඩි ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්ස්‍ය තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර