තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට හිමිව තිබූ වීසා රහිත ගමන් පහසුකම අහෝසි කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.
අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, මෙරට පුරවැසියන් පිරිසක් තායිලන්තයේදී සිදුකළ විවිධ නීති විරෝධී ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි සිදුවීම් මෙම තීරණයට ප්‍රධාන හේතුව බවයි.
එළඹෙන 15 වැනිදායින් පසු තායිලන්තය බලා පිටත්ව යන සියලුම ශ්‍රී ලාංකිකයින් ගමන ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන්ම වීසා බලපත්‍රයක් ලබාගත යුතු බව බලධාරීන් දැනුම් දෙයි.
කෙසේ වෙතත්, මෙම ගැටලුවට විසඳුමක් ලෙස තායිලන්ත රජය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. දෙරට අතර වීසා පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් කිරීමට රජය අපේක්ෂා කරයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සකස් කෙරෙන මෙම ගිවිසුම හරහා අනාගතයේදී නැවතත් වීසා රහිත ගමන් පහසුකම ලබා ගැනීමට හැකිවනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර