ඇමරිකානු යුද නෞකාවකට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඉරාන තෙල් ප්‍රවාහන නෞකා පහකට ඇමරිකානු හමුදාව විසින් ප්‍රහාර එල්ල කර ඇත. පසුගිය දින දෙක තුළ ඉරානය විසින් ඇමරිකානු යුද නෞකාවක් ඉලක්ක කර අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කර තිබූ බව ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) තහවුරු කරයි.
ප්‍රහාරයට ලක්වූ නෞකා අතුරින් හතරක් ඕමාන් බොක්ක ආශ්‍රිතව ඉලක්ක කර ඇති අතර, ඒවා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් බව වාර්තා වේ. පස්වන නෞකාව ඉරානයේ ප්‍රධාන තෙල් පර්යන්තයක් වන කාර්ග් දූපත අසලදී ප්‍රහාරයට ලක්ව ඇත.
මෙම ප්‍රහාර මාලාවත් සමඟ මැද පෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබේ. වාර්තා වන පරිදි, මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. කෙසේ වෙතත්, එම මිසයිලවලින් බහුතරයක් ජෝර්දාන ගුවන් ආරක්ෂක පද්ධති මගින් අක්‍රිය කර ඇති බව සඳහන් වේ.
තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනතුරු අඟවන ඉරානය, කුවේට් සහ බහරේන් වරායන් ආසන්නයේ සිටින ඇමරිකාවට සම්බන්ධ සියලුම තෙල් නෞකාවලට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දන්වා ඇත. දෙරට අතර පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර