පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව චෝදනා 23,270ක් යටතේ නඩු පවරා ඇති විත්තිකරුවන් 24 දෙනෙකු විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අදාළ ලිඛිත දේශන ගොනු කර තිබේ.
මෙම නඩුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් මෙම ලිඛිත දේශන ඉදිරිපත් කෙරිණි.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත. නඩු විභාගය අවසානයේ අදාළ නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර