ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට හදිසි අවස්ථාවකදී ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධ වී සිය පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ WhatsApp පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම සේවාව හෙට (10) දින සිට ක්‍රියාත්මක කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය පියවර ගෙන ඇත.
මේ සඳහා 011-2809980 යන දුරකථන අංකය භාවිතා කළ හැකි අතර, පළමුව එම අංකය තම ජංගම දුරකථනයේ සුරැකි කරගත යුතුය. ඉන්පසු WhatsApp ඔස්සේ අදාළ අංකයට ඇමතුමක් ලබාදී, ලැබෙන සබැඳිය (Link) හරහා ‘Join Meeting’ වෙත පිවිසීමෙන් 119 හදිසි ඇමතුම් අංශය සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවේ.
මෙම වීඩියෝ ඇමතුමට ප්‍රතිචාර දක්වන්නේ සංඥා භාෂාව පිළිබඳ දැනුම ඇති පොලිස් නිලධාරියෙකි. එම නිලධාරියා හරහා ලැබෙන තොරතුරු මත, අදාළ ප්‍රදේශයට ආසන්නතම පොලිස් ස්ථානය දැනුවත් කර කඩිනම් පියවර ගැනීමට කටයුතු යොදා ඇත.
පසුගියදා පැවති 160 වැනි පොලිස් දිනයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය විවෘත කෙරිණි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් පොලිසිය විසින් දියත් කළ මෙම නව වැඩපිළිවෙල මහජනතාවට විශාල පහසුවක් වනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර