උතුරු පළාතේ පාසල්වල පවතින තොරතුරු තාක්ෂණ ගුරු පුරප්පාඩු ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය.
ඒ අනුව, පවතින ගුරු හිඟයෙන් 50%ක් මේ වසර අවසන් වීමට පෙර පියවීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. මේ සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමේ පරීක්ෂණ දැනටමත් පවත්වා ඇති අතර, ඉදිරි බඳවා ගැනීමේ වැඩසටහන් හරහා ලබන වසර මුලදී ඉතිරි පුරප්පාඩු ද සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය.
එමෙන්ම, අලුතින් බඳවා ගන්නා ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් ද ක්‍රමානුකූලව සිදු කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ උපකරණ අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පළාත් සභා හරහා වෙන් කර ඇත. මීට අමතරව, පළාත් සභාවලින් ඉල්ලීම් ලැබෙන්නේ නම් අතිරේක අරමුදල් ලබා දීමට ද රජය සූදානම් බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර