ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය කරන බව පෙන්වා මෙරටින් ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට ආසන්න) මුදලක් විදේශීය බැංකු ගිණුම් වෙත නීතිවිරෝධී ලෙස ප්‍රේෂණය කිරීමේ චෝදනාව මත මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකි. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදුකළ විශේෂ විමර්ශනයකට අනුව මරදාන ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, මෙම සැකකරු විසින් 2023 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදුකර ඇති බව අනාවරණය වී ඇත. භාණ්ඩ ආනයනය කිරීම සඳහා ගෙවීම් සිදුකරන මුවාවෙන් ටෙලිග්රාෆ් පණිවුඩ (Telegraphic Transfers – T/T) ක්‍රමය ඔස්සේ මෙම අතිවිශාල මුදල් ප්‍රමාණය විදේශ රටවලට යවා ඇති බවට තොරතුරු හෙළිව තිබේ.
මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර