රඹුක්කන සහ මාවනැල්ල දුම්රිය මාර්ගය සම්බන්ධ කරන කැබැල්ලවත්ත පැරණි ගල් බිංගෙය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව වාර්තා වේ.
මෙම බිංගෙයෙහි මතුපිට දුම්රිය මාර්ගය නැවත සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික ඉදිකිරීම් කටයුතු මේ වන විට සාර්ථකව නිම කර ඇත. ඉදිරි දින කිහිපය තුළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද සම්පූර්ණ කිරීමට නියමිතය.
වසර ගණනාවක් පැරණි දුම්රිය යටිතල පහසුකම් ආරක්ෂිතව සහ ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණය කිරීම මගින් මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ආරක්ෂිත දුම්රිය සේවාවක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ අංශ විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරනු ලබන අතර, කඩිනමින් දුම්රිය ධාවන කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට පියවර ගනිමින් සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර