තේ, රබර් සහ පොල් පාලන මණ්ඩල පනතට පටහැනිව බලශූන්‍ය ඔප්පු සකස් කරමින් ඉඩම් අයතා ලෙස විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධියට අදාළව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ වී තිබේ.
එම පැමිණිලිවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම කැඳවුම්කරුවන් වන සංජය මහවත්ත සහ නිරුක්ෂ කුමාර යන මහත්වරුන් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
අදාළ පනතේ නීති රීති උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම ඉඩම් ගනුදෙනු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර