දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ නිවසේ පදිංචි 55 හැවිරිදි පියා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. මියගිය දරුවන් 11 සහ 17 හැවිරිදි වියේ පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ 55 හැවිරිදි පියා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර