භාවිත කළ වාහන ආනයනය කිරීමේදී දැනට ලබා දී ඇති සියයට 15ක ක්ෂයවීමේ සහනය (depreciation) හේතුවෙන් 2026 වසර තුළ රජයට රුපියල් බිලියන 100ත් 120ත් අතර දැවැන්ත ආදායම් අහිමිවීමක් සිදුවනු ඇතැයි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) අනතුරු අඟවයි. මෙම තත්ත්වය නීත්‍යානුකූලව බදු ගෙවා වාහන අලෙවියේ නිරත වන ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ටද අසාධාරණයක් බව එම සංගමය පෙන්වා දෙයි.
පසුගිය වසරේදී පමණක් මෙම සහනය හේතුවෙන් රජයට රුපියල් බිලියන 40ක ආදායමක් අහිමි වී ඇති අතර, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ පමණක් එම අගය රුපියල් බිලියන 54ක් ලෙස වාර්තා වී ඇත. වාහන ආනයනය යළි ආරම්භ කිරීමෙන් පසු මෙරටට ගෙන්වූ වාහනවලින් සියයට 70ක්ම භාවිත කළ වාහන වීම මෙම ගැටලුව තවත් උග්‍ර කර තිබේ.
2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් මෙම සහනය හඳුන්වා දී ඇති අතර, ඉදිරි අයවැය යෝජනාවලදී හෝ මෙම සහනය ඉවත් කර මෝටර් රථ වෙළඳපොළ තුළ සමාන තරගකාරීත්වයක් ඇති කරන ලෙස CMTA සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඇතැම් වාහන මාදිලි ආනයනයේදී රජයට අහිමි වන බදු මුදල මිලියන ගණනක් බවද ඔවුන් පෙන්වා දෙයි.
මෙම සහනය නිසා බදු ආදායම් අහිමි වීමට අමතරව, වාහන ආනයනකරුවන් අතර අසමාන තරගකාරීත්වයක් නිර්මාණය වී ඇති බවත්, පාරිභෝගිකයන්ට ලැබිය යුතු වාසිය පවා නිසි ලෙස නොලැබෙන බවත් ව්‍යාපාරිකයෝ පවසති. එබැවින්, රටේ ආර්ථිකයට සිදුවන මෙම බදු කාන්දුව වහාම නතර කළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර