චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දියාවේ පැවැත්වෙන 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. වසර හතකට ආසන්න කාලයකට පසු සිදුකරන මෙම සංචාරය දෙරට අතර සබඳතා යළි ගොඩනැගීමේ තීරණාත්මක පියවරක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ චීන තානාපති ෂු ෆෙයිහොං ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපතිවරයාගේ උපායමාර්ගික මඟපෙන්වීම යටතේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවයි. පවතින මතභේද නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් යහපත් අසල්වැසියන් ලෙස කටයුතු කිරීම චීනයේ අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2020 වසරේ ගල්වාන් නිම්නයේ ඇති වූ ගැටුම් හේතුවෙන් දෙරට අතර සබඳතා බිඳ වැටී තිබුණද, පසුගිය කාලය තුළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් යම් උණුසුම් බවක් දක්නට ලැබුණි. අද පස්වරුවේ දෙරටේ නායකයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, එය දෙරටේ අනාගත සබඳතා සඳහා වැදගත් වනු ඇත.
චීන ජනාධිපතිවරයා සමඟ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති. දෙරටේ නායකයන් මීට පෙර අවස්ථා කිහිපයකදීම හමුවී ඇති අතර, මෙම හමුව අඛණ්ඩව තෙවැනි වසරේදී පැවැත්වෙන සාකච්ඡාව වීම ද විශේෂත්වයකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර