කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පැවති උපාධි ප්රදානෝත්සවයේදී අතිවිශිෂ්ට අධ්‍යයන දක්ෂතා පෙන්නුම් කළ වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි රන් පදක්කම් 16ක් දිනාගනිමින් ඉතිහාසගත වාර්තාවක් තබා ඇත. ඇය සිය MBBS උපාධි පාඨමාලාව සඳහා පිරිනැමුණු සමස්ත රන් පදක්කම් සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
තම කණ්ඩායමේ Valedictorian ලෙස කටයුතු කළ වෛද්‍ය හසිනි, අවසාන MBBS පරීක්ෂණය ඇතුළු අධ්‍යයන අංශ පහෙන්ම ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථ ලබාගැනීමට සමත්විය. එමෙන්ම වෛද්‍ය අභ්‍යාසලාභී පත්වීම් සඳහා වන සමස්ත ලංකා කුසලතා ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනාගැනීම ඇයගේ අධ්‍යයන දිවියේ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.
අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය ඇතුළු ගෞරව රැසක් ඇය විසින් හිමිකරගෙන ඇත. සිය උපාධි අපේක්ෂක කාලය පුරාම ‘Dean’s List’ සඳහා තේරී පත්වෙමින් සහ Mitsubishi UFJ Foundation ශිෂ්‍යත්වය දිනාගනිමින් ඇය සිය දක්ෂතා අඛණ්ඩව විදහා දැක්වූවාය.
වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්රයටද සක්‍රීය දායකත්වයක් ලබාදෙන වෛද්‍ය හසිනි, ගැබිනි මව්වරුන්ගේ මානසික සෞඛ්‍යය සහ ස්ක්‍රබ් ටයිෆස් රෝග විනිශ්චය පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කර ඇත. දැනට ඩෙංගු සහ පෙනහළු ආශ්රිත රෝග පිළිබඳවද ඇය වැඩිදුර පර්යේෂණ කටයුතුවල නිරතව සිටියි.
ඇයගේ මෙම කැපී පෙනෙන ජයග්‍රහණය කොළඹ විශ්වවිද්‍යාලයට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය වෛද්‍ය ක්ෂේත්රයටම ආදර්ශයක් බව විද්වතුන් පවසයි. අනාගත වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් සඳහා ඇය තැබූ මෙම වාර්තාව විශාල අභිමානයක් එක් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර