තායිලන්තයේ බටහිර ප්‍රදේශයේ පිහිටි තොන්ග් පා ෆුම් ජාතික උද්‍යානයෙන් අසාමාන්‍ය පෙනුමකින් යුත් නව ශාක විශේෂයක් සොයා ගැනීමට පර්යේෂකයන් සමත්ව තිබේ. ‘තිස්මියා ඩීමෝනා’ (Thismia daemona) ලෙස නම් කර ඇති මෙම ශාකය, එහි අද්භූත කළු පැහැති පෙනුම හේතුවෙන් විද්‍යාඥයන් විසින් ‘යක්ෂ මල’ ලෙස හඳුන්වනු ලබයි.
මෙම ශාක විශේෂය සාමාන්‍ය ශාකවලින් බෙහෙවින් වෙනස් වේ. ප්‍රභාසංස්ලේෂණය සඳහා අවශ්‍ය පත්‍ර හරිත ද්‍රව්‍ය (Chlorophyll) මෙම ශාක තුළ නොමැති අතර, ඒවා පෝෂණය ලබා ගන්නේ භූගත දිලීර සමඟ පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් මගිනි. තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් පොළොව යට සහ වැටුණු පත්‍ර තට්ටු අතර සැඟවී සිටීමට මෙම ශාක පුරුදුව සිටී.
මෙම මලේ ඉහළ කොටසේ අං වැනි ව්‍යුහයන් දක්නට ලැබෙන අතර, පහළ කොටසේ ඇති තද රතු-තැඹිලි පැහැති ලප අඳුරේ දිලිසෙන ඇස් මෙන් දර්ශනය වීම එහි අද්භූත බව තවත් වැඩි කරයි. මෙම ශාකය පිළිබඳ පර්යේෂණ වාර්තාව ‘PhytoKeys’ විද්‍යාත්මක සඟරාවේ පළ කර ඇත.
දැනට සිදුකර ඇති නිරීක්ෂණවලට අනුව මෙම ශාක විශේෂයේ සාමාජිකයන් 50කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් හඳුනාගෙන ඇත. ඉතා සීමිත භූමි ප්‍රදේශයක පමණක් ව්‍යාප්තව පවතින බැවින්, මෙය ‘අතිශය වඳවීමේ තර්ජනයට ලක්වූ’ විශේෂයක් ලෙස විද්‍යාඥයන් තක්සේරු කරති. සංචාරකයන් බහුලව ගැවසෙන ජාතික උද්‍යානයක් තුළ පිහිටීම නිසා මෙම ශාකවල පැවැත්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර