සියලු දෙනාට සමානව සලකන ගෞරවනීය අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම රජයේ ජාතික ප්‍රතිපත්තියේ මූලික අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ආබාධ සහිත සිසුන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම රජයක් ලෙස තමන් භාරගන්නා බව ඇය අවධාරණය කළාය.
ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ ‘සරසවි දිරියෝ අභිමන්’ වැඩසටහනේ තෙවන අදියර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි. එහිදී නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ආබාධ සහිත සිසුන් 50 දෙනෙකු වෙත ඇගයීම් සහතික සහ මූල්‍ය දීමනා ප්රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, විශ්වවිද්‍යාල නේවාසිකාගාර ඉදිකිරීමේදී ආබාධ සහිත සිසුන්ට පහසුව සැලසෙන පරිදි විශේෂ සැලසුම් ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම, සිසුන්ට අවශ්‍ය ඩිජිටල් උපකරණ නිෂ්පාදනය සහ බෙදාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත්, ඔවුන් රැකියා ක්ෂේත්රයට යොමු කිරීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඇය පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් අවධියේ සිටම වෘත්තීය අධ්‍යාපනයට ප්‍රවේශය ලබාදෙමින්, සිසුන් ආර්ථික වශයෙන් ස්වාධීන කිරීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර