ආරක්ෂක මාණ්ඩලික ප්රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා විසින් සිය සහතිකය සටහන් කරනු ලැබීය. ඒ අනුව මෙම පනත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස නිල වශයෙන් බලාත්මක වේ.
මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 04 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, සැප්තැම්බර් 09 වැනිදා පැවැති විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කර ගැනීමට පියවර ගැනිණි.
2009 අංක 35 දරන පනත මගින් හඳුන්වා දුන් ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර මෙම නව පනත බලාත්මක වීමත් සමඟ අවසන් වනු ඇත. සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්යාංශය අතර සම්බන්ධීකරණය සඳහා ස්ථාපිත කර තිබූ මෙම තනතුර අහෝසි කිරීමත් සමඟ, එම කාර්යාලයට අයත් සියලුම චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක අමාත්යවරයාගේ අමාත්යාංශය වෙත පැවරීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර