දකුණු අප්රිකාවේ ප්රධාන නගර දෙකක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙය එරට මෑත කාලීනව වාර්තා වූ දරුණුතම වෙඩි තැබීමේ සිදුවීම් ලෙස සැලකේ.
පසුගිය සෙනසුරාදා සන්ධ්යාවේ ජොහැන්නස්බර්ග් ප්රදේශයේදී සන්නද්ධ පුද්ගලයින් අට දෙනෙකු විසින් සිදුකළ ප්රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. එම සිදුවීමෙන් අනතුරුව ඊයේ උදෑසන කේප් ටවුන් නගරයේදී සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ප්රහාරයන් හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. එරට තුළ කල්ලි කණ්ඩායම් සම්බන්ධ වෙඩි තැබීම් සහ ප්රචණ්ඩ ක්රියා ඉහළ යාම හේතුවෙන් මෙවැනි සමූහ ඝාතන සිදුවීම් බහුල වී ඇති බව පෙන්වා දී තිබේ.
ප්රහාරයන් සිදුවූ ජොහැන්නස්බර්ග් සහ කේප් ටවුන් යන නගරවල ආරක්ෂාව දැඩි කිරීමට එරට පොලිසිය පියවර ගෙන ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්රියාත්මක බව බලධාරීන් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර