ජපානයේ අයිචි නගෝයා නුවරදී පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතු වූ වාර්තාවක් අලුත් කිරීමට චීන ක්රීඩිකා චෙන් යුජී සමත් විය.
මීට වසර 24කට පෙර, එනම් 2002 වසරේ කොරියාවේ පැවති ආසියානු ක්රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 100 කාන්තා ඉසව්ව තත්පර 11.15කින් නිම කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණි.
චීන ක්රීඩිකා චෙන් යුජී පසුගිය 26 වන දින එම ඉසව්ව තත්පර 11.06ක කාලයකින් නිම කරමින් එම වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය. මෙම දක්ෂතාවයත් සමඟ ඇය එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.
මෙම තරගයේදී රිදී පදක්කම සිංගප්පූරුවේ ශාන්ති පෙරේරා විසින් දිනා ගත් අතර, බහරේනයේ ඔඩින්ගෝ එඩින්ගෝ ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
දශක දෙකකට අධික කාලයක් පැවති මෙම වාර්තාව බිඳ වැටීම ආසියානු මලල ක්රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ක්රීඩා විචාරකයින් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර