පෞද්ගලික සාද, විවාහ උත්සව සහ ප්රසංගවලදී භාවිත කෙරෙන සංගීත නිර්මාණ සඳහා මුල් රචකයන්ට සහ සංගීත අධ්යක්ෂවරුන්ට හිමිවිය යුතු කර්තෘභාගය අය කර ගැනීමේ යෝජිත බලපත්ර ක්රමය තාවකාලිකව අත්හිටුවීමට ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය පියවර ගෙන ඇත.
මෙම ගැසට් පත්රය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ අභූත චෝදනා පැතිර යන බව එම සංගමයේ සභාපති නිලාර් එන්. කාසිම් මහතා පවසයි. මෙය රජය විසින් අය කරනු ලබන බද්දක් නොවන බවත්, නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඔවුන්ටම හිමිවිය යුතු කර්තෘභාගයක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.
සංගමයේ ප්රධාන විධායක රංග දසනායක මහතා සඳහන් කළේ, නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීම දක්වා මෙම බලපත්ර ක්රමය ක්රියාත්මක කිරීම අත්හිටුවා ඇති බවයි. යෝජිත ක්රමවේදයට අනුව, උත්සවයකදී සංගීත නිර්මාණ භාවිත කරන්නේ නම් ඒ සඳහා අදාළ බලපත්රය ලබා ගැනීම උත්සවයේ හිමිකරුගේ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම මාධ්ය හමුවේදී අදහස් දැක්වූ ප්රවීණ ගායක රූකාන්ත ගුණතිලක මහතා පවසා සිටියේ, ගීතයක සැබෑ හිමිකරුවන් වන ගීත රචකයාගේ සහ සංගීත අධ්යක්ෂවරයාගේ අයිතිය සුරැකීම මෙම සටනේ අරමුණ බවයි. බොහෝ අවස්ථාවලදී ගායකයා ගැන පමණක් කතා කළද, නිර්මාණයේ මුල් අයිතිකරුවන්ට ලැබිය යුතු ගෞරවය සහ ආදායම ලබා දීම සාධාරණ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර