ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්රාහකයා තීරණය කෙරෙන අවසන් තරගය අද (27) ලන්ඩනයේ කෙනිංටන් ඕවල් ක්රීඩාංගණයේදී ආරම්භ විය. තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතින බැවින් දෙරටටම මෙම තරගය අතිශය තීරණාත්මක වී තිබේ.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ශ්රී ලංකා පන්දු යවන්නන් තරගයේ ආරම්භයේදීම එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය.
එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටොම් බැන්ටන් ලකුණු 5කට දැවී ගිය අතර, දිල්ෂාන් මධුශංකගේ පන්දුවක් හමුවේ බෙන් ඩකට් ලකුණු නොලබා දැවී යාම ශ්රී ලංකාවට හිමිවූ විශාල සාර්ථකත්වයක් විය. ඒ අනුව එංගලන්ත ඉනිම ලකුණු 6ක් තුළ එක් කඩුල්ලක් ලෙස සටහන් විය.
මෙම තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායම පසුගිය තරගයට ක්රීඩා කළ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නොමැත. එංගලන්ත කණ්ඩායමේ ජොස් බට්ලර් ආබාධයකට ලක්වීම හේතුවෙන් ජෝර්ඩන් කොක්ස් ඇතුළු ක්රීඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායමට කැඳවා තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර