වසර 13ක කාලයක් පුරා නිසි සුරක්ෂිත නිවාස පහසුකම් නොමැතිව, නායයෑමේ අධි අවදානම් කලාපයක ජීවත් වූ පවුල් 51ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්යාපෘතියක් හෙට (29) දින ආරම්භ කෙරේ.
ඉන්දීය රජයේ ආධාර සහ ශ්රී ලංකා රජයේ අනුග්රහය යටතේ ක්රියාත්මක වන නිවාස 10,000ක ව්යාපෘතියේ සිව්වන අදියර ලෙස මෙම වැඩසටහන බදුල්ල, ඌවපරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලගොල්ල වතුයායේදී ක්රියාත්මක වේ.
මෙම අවස්ථාව සඳහා වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. මලයගම් ප්රජාවට ගෞරවනීය සහ සුරක්ෂිත ජීවන තත්ත්වයක් උරුම කරදීම මෙම ව්යාපෘතියේ මූලික අරමුණයි.
මෙම ව්යාපෘතිය යටතේ එක් නිවාස ඒකකයක් සඳහා ඉන්දීය රජය විසින් රුපියල් ලක්ෂ 28ක මූල්ය ප්රතිපාදන ලබාදෙන අතර, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්රී ලංකා රජය විසින් එක් නිවසකට රුපියල් ලක්ෂ 4ක මුදලක් වෙන් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර