පාකිස්තානයේ බළෝචිස්තාන් ප්රාන්තයේදී බළෝච් සන්නද්ධ කණ්ඩායමකට අයත් කාන්තා ඒකකයක් විසින් සිදුකළ ප්රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ප්රහාරය බළෝචිස්තාන් විමුක්ති පෙරමුණ (BLF) විසින් පිහිටුවන ලද නව කාන්තා සන්නද්ධ ඒකකයක් වන ‘කරීමා සන්නද්ධ ප්රහාරක ඒකකය’ (KAAD) විසින් සිදුකර ඇත.
සැප්තැම්බර් 22 වැනිදා ටර්බට් ප්රදේශයේදී මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) ඔස්සේ ගමන් කළ හමුදා රථ පෙළක් ඉලක්ක කරමිනි. අදාළ ප්රහාරයට අදාළ වීඩියෝ දර්ශන නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කරන්නේ, කාන්තා අණදෙන නිලධාරිනියකගේ මෙහෙයවීම යටතේ ඉතා ආසන්න දුරක සිට මෙම ප්රහාරය දියත් කළ බවයි.
මෙම කාන්තා ඒකකය නම් කර ඇත්තේ 2020 වසරේදී කැනඩාවේදී අභිරහස් ලෙස මියගිය බළෝච් ක්රියාකාරිනියක වූ කරීමා බළෝච් සිහිපත් කිරීම සඳහාය. ප්රහාරයෙන් පසු හමුදා රථ කිහිපයකට දැඩි හානි සිදුවූ බවත්, තම සාමාජිකයින් ආරක්ෂිතව පසුබැසීමට සමත් වූ බවත් බළෝච් සන්නද්ධ කණ්ඩායම් ප්රකාශ කර තිබේ.
මීට අමතරව, බළෝචිස්තානයේ ඩෙරා බුග්ටි ප්රදේශයේදී තවත් සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකළ ප්රහාරයකින් ආයතනයක සේවකයින් තිදෙනෙකු ඇතුළු පිරිසක් මියගොස් ඇත. මෑත කාලීනව බළෝචිස්තානය තුළ පාකිස්තාන ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුවන ප්රහාර සහ ගැටුම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර