මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන අංක තහඩු සහ රියදුරු බලපත්ර නිකුත් කිරීමේදී සිදුවන ප්රමාදයන් සම්බන්ධයෙන් යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මහතාගේ ප්රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම ප්රමාදයන්ට හේතු වූ පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු මෙන්ම අදාළ ටෙන්ඩර් සහ ප්රසම්පාදන ක්රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දින 45ක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
දැනට රියදුරු බලපත්ර 678,000ක් පමණ මුද්රණය කිරීමට ඉතිරිව ඇති අතර, දෛනික මුද්රණ ධාරිතාව බලපත්ර 4,600කට සීමා වීම හේතුවෙන් මෙම තත්ත්වය උග්ර වී ඇති බව දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, ඔක්තෝබර් 15 වන විට නව මුද්රණ යන්ත්ර දෙකක් ස්ථාපනය කර දෛනික ධාරිතාව 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.
මේ අතර, 2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබාදීමේ වැඩපිළිවෙළක් දැනටමත් ක්රියාත්මක කර ඇති බවද වාර්තා වේ.
මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමේ සහ පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අවශ්යතාවය කාරක සභාව විසින් අවධාරණය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර