වර්තමාන සමාජය තුළ දරුවන් මුහුණ දෙන ළමා හිංසන, අතවර සහ අනාරක්ෂිත සිදුවීම් දිනෙන් දින ඉහළ යමින් පවතී. තාක්ෂණික දියුණුවත් සමඟ දරුවන්ට ලැබී ඇති අසීමිත නිදහස සහ අන්තර්ජාලය හරහා ඔවුන්ට නිරාවරණය වන අහිතකර දර්ශන, ඔවුන්ගේ මානසික වර්ධනයට මෙන්ම සුරක්ෂිතතාවට ද බරපතළ තර්ජනයක් වී තිබේ.
බොහෝ දෙමාපියන් දරුවන් පාසලට හෝ පෞද්ගලික පන්තිවලට යැවීමෙන් පමණක් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වූ බව සිතති. කෙසේ වෙතත්, දරුවන්ගේ සැබෑ ආරක්ෂාව රඳා පවතින්නේ දෙමාපියන් ඔවුන් සමඟ පවත්වන සමීප සබඳතාව සහ නිරන්තර අවධානය මතය. දරුවාගේ හොඳම මිතුරා මව සහ පියා බවට පත් කර ගැනීම අත්යවශ්ය කරුණකි.
ආදරය සහ සෙනෙහස අහිමි වූ දරුවන් බොහෝ විට සමාජයේ සිටිනා අසංවේදී පුද්ගලයන්ගේ ග්රහණයට නතු වීමේ වැඩි ප්රවණතාවක් පවතී. විශේෂයෙන්ම අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයේදී දරුවන් කෙරෙහි දැඩි අධීක්ෂණයක් පැවතීම අනිවාර්ය වේ. තාක්ෂණය දරුවාගේ දියුණුවට යොදා ගන්නා අතරම, ඔවුන්ගේ ළමා මනස දූෂණය වීමෙන් වළක්වා ගැනීම වැඩිහිටියන්ගේ ප්රධාන වගකීමකි.
අධ්යාපන ක්රමවේදයන් තුළ ද දරුවන්ගේ මානසික සුවතාව සහ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. තරඟකාරී අධ්යාපනයක් වෙනුවට ගුණධර්ම සහ ජීවිතාවබෝධය සහිත දරුවෙකු බිහි කිරීම සමාජයේ පැවැත්මට අත්යවශ්ය වේ.
ලෝක ළමා දිනය සමරන මෙවැනි මොහොතක, දරුවන් හුදෙක් ආහාරපානවලින් පමණක් පෝෂණය කිරීම වෙනුවට, ඔවුන්ට සුරක්ෂිත සහ ආදරණීය සමාජ පරිසරයක් නිර්මාණය කර දීමට සියලු වැඩිහිටියන් එක්විය යුතුය. එය ඉදිරි පරපුරේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් කළ හැකි විශාලතම ආයෝජනයයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර