මිනිස් ජාවාරම් මැඩලීමේ ජාතික කාර්ය සාධක බලකායේ ප්රගති සමාලෝචන රැස්වීමක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්ත මහතාගේ ප්රධානත්වයෙන් ආරක්ෂක අමාත්යාංශයේදී පැවැත්විණි.
මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා ක්රියාත්මක වන ජාතික උපායමාර්ගික ක්රියාකාරී සැලැස්ම (2026-2030) යටතේ සිදු කෙරෙන වැඩසටහන්වල වත්මන් තත්ත්වය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
මීට අමතරව, ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය බුද්ධි ඒකකයේ නව නියෝජිතයා ද මෙහිදී පිළිගනු ලැබූ අතර, මිනිස් ජාවාරම් හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා මූල්ය බුද්ධි තොරතුරුවල ඇති වැදගත්කම පිළිබඳව අවධානය යොමු විය.
දිස්ත්රික් මට්ටමින් මිනිස් ජාවාරම් මැඩලීමේ සංසද පිහිටුවීම, ජාත්යන්තර හවුල්කරුවන් සමඟ පවතින සබඳතා ශක්තිමත් කිරීම සහ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික ඇගයීම් කටයුතු සඳහා වන සූදානම පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
අදාළ ආයතනවල නියෝජිතයන් විසින් වින්දිතයන් ආරක්ෂා කිරීම, මහජන දැනුවත් කිරීම සහ ඒකාබද්ධ ක්රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සිය නිර්දේශ සහ අදහස් ඉදිරිපත් කරන ලදී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර