ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පද්ධතියේ රන් දොරටුව ලෙස සැලකෙන උසස් පෙළ අධ්‍යාපන අංශය මේ වන විට බරපතළ කඩාවැටීමකට ලක්වෙමින් පවතී. පාසල් පද්ධතියේ 12 සහ 13 වසර පන්ති කාමර බොහොමයක් සිසුන් නොමැතිව හිස්ව පැවතීම ශෝචනීය යථාර්ථයක් බවට පත්ව ඇත.
පාසල් සතු යටිතල පහසුකම් සහ ප්‍රවීණ ගුරු මණ්ඩල තිබියදීත්, සිසුන් සිය අධ්‍යාපන භාරකාරත්වය පෞද්ගලික උපකාරක පන්ති වෙත පවරා තිබේ. පාසලක් යනු හුදෙක් විභාග සමත් කරවන මධ්‍යස්ථානයක් නොව, සිසුවෙකුගේ පෞරුෂය සහ නායකත්ව ගුණාංග වර්ධනය කරන ස්ථානයක් වුවද, ටියුෂන් සංස්කෘතිය තුළ දරුවන් යාන්ත්‍රික තරගකාරිත්වයකට කොටුවී සිටී.
මෙම තත්ත්වය හේතුවෙන් රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන බිලියන ගණනක රාජ්‍ය සම්පත් අපතේ යයි. පන්ති කාමරයට සිසුන් නොපැමිණීම නිසා ගුරුවරුන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති අතර, ඇතැම් දක්ෂ ගුරුවරුන් සේවයෙන් ඉවත් වීම හෝ විදේශගත වීම ජාතික තලයේ අර්බුදයක් නිර්මාණය කර ඇත.
පාසල් පැමිණීම 80%ක් අනිවාර්ය වුවද, එය මඟහැරීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම වැනි වංචනික ක්‍රමවේදවලට සිසුන් යොමුවීම සමාජීය ඛේදවාචකයකි. ඇතැම් සිසුන් පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීමෙන් පාසල් පද්ධතියේ විනය සහ අධීක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වේ.
මෙම අර්බුදයට විසඳුම් ලෙස පළමු වර උසස් පෙළ විභාගයට පෙනී සිටින්නන්ට පාසල් නියෝජනය අනිවාර්ය කිරීම සහ පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටීමේ අවස්ථාව අහෝසි කිරීම කාලෝචිත බව විද්වත්හු පෙන්වා දෙති. එසේම, වෛද්‍ය සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සහ පාසල් ඉගෙනුම් ක්‍රමවේදයන් ප්‍රායෝගික ව්‍යාපෘති හරහා වඩාත් ආකර්ෂණීය කිරීම මගින් සිසුන් නැවත පාසල වෙත දිනාගත හැකි වනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර