ඕස්ට්රේලියාවේ අධ්යාපනය ලබන ජාත්යන්තර සිසුන්ගේ වීසා පද්ධතිය අවභාවිතය වැළැක්වීමේ අරමුණින් ඔස්ට්රේලියානු රජය විසින් නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ. මෙම නව රෙගුලාසි අද (02) සිට බලාත්මක වේ.
නව නීතිවලට අනුව, පාසල් සිසුන් නොවන ජාත්යන්තර සිසුන් තම ප්රධාන පාඨමාලාව ආරම්භ කිරීමෙන් පසු වෙනත් අධ්යාපන ආයතනයකට මාරුවීමට නම් අවම වශයෙන් මාස 12ක් එම ආයතනයේ රැඳී සිටීම අනිවාර්ය වේ. මීට පෙර මෙම කාලසීමාව මාස 6ක් ලෙස පැවතුණි.
2027 ජූලි 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි, වෙනත් ආයතනයකට මාරුවීමට අපේක්ෂා කරන සිසුන් නව ශිෂ්ය වීසා බලපත්රයක් ලබාගත යුතු වේ. නව ආයතනයේ අධ්යයන කටයුතු ආරම්භ කිරීමට පෙර මෙම වීසා බලපත්රය අනුමත වී තිබීම අත්යවශ්ය වේ. කෙසේ වෙතත්, මෙමගින් සිසුන්ගේ මුල් වීසා බලපත්රයේ අවසන් දිනය වෙනස් නොවන බව බලධාරීන් පවසයි.
එමෙන්ම, සිසුන්ට තමන් දැනට හදාරන සුදුසුකම් මට්ටමට සමාන හෝ ඊට ඉහළ මට්ටමේ පාඨමාලාවකට පමණක් මාරුවීමට අවසර හිමිවේ. උසස් අධ්යාපන මට්ටමේ සිට VET පාඨමාලා වෙත මාරුවීම නව ක්රමය යටතේ සීමා කර ඇත.
අධ්යාපන ආයතනයක් ලියාපදිංචියෙන් ඉවත් කිරීමක් හෝ විශේෂිත හදිසි තත්ත්වයන් පවතින අවස්ථාවකදී මෙම නීතිවලින් යම් සහනයක් ලැබිය හැකි බව ද වාර්තා වේ. වීසා කාලය දීර්ඝ කර ගැනීමේ අරමුණින් පාඨමාලා මාරු කිරීම වැළැක්වීම මෙම නව පියවරවල ප්රධාන අරමුණයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර